Sunday, February 26, 2012

සිංහල හෝඩිය

මිනිසාගේ ප්‍රධානම හා වැදගත්ම සන්නිවේදන මාධ්‍ය භාෂාවයි.
මිනිසා භාෂාව ක්‍රම දෙකක් ඔස්සේ භාවිතා කිරිම සිදු කරනු ලබයි.එනම් කථනය හා ලේඛනයයි.
ශ්‍රවණ ගොචර වූ ශබ්ද දෘශ්ටි ගෝචර වන ලෙස ලියා දක්වූ කල ලෙඛනය බිහිවේ.කථනයේ එන ශබ්ද ලෙඛනයට නංවනුයේ සංඛේත මගිනි.
ලෙඛනයේ යොදා ගන්නා මෙම සංඛේත අකුරු නම් වේ
ශබ්ද සංඛේත ලෙස දැක්වීමෙන් අක්ෂර ද, අක්ෂර එකතු වීමෙන් පද හෙවත් වචනද, වචන එකතු වීමෙන් වාක්‍ය ද, මේ සියල්ල එකතු වීමෙන් ලේඛනයද බිහි වේ.
ලේඛනය හා භාෂණය යන දෙකම භාෂාව වෙයි.
ලොව වැඩිම අක්ෂර ප්‍රමාණයක් ඇත්තා වූ වර්ණ මාලාව සිංහල හෝඩිය වේ.

පිලි යොදා ගන්නේ ස්වර වෙනුවෙනි. සියලුම ව්‍යංජන වලට පිලි යෙදිමෙන් අක්ෂර නිර්මාණය වේ.

උදා:- ක් + එ = කෙ

සියලුම ස්වර එක් ව්‍යංජනයකට ආදේශ කර අක්ෂර නිර්මාණය වන අයුරු බලමු.
ක් + අ = ක
ක් + ආ = කා
ක් + ඇ = කැ
ක් + ඈ = කෑ
ක් + ඉ = කි
ක් + ඊ = කී
ක් + උ = කු
ක් + ඌ = කූ
ක් + ඍ = කෘ
ක් + ඍ = කෲ
ක් + එ = කෙ
ක් + ඒ = කේ