01. න / ණ , ල / ළ භාවිතය
ණ භාවිතය
(1) ර/ෂ/ඍ යන අක්ෂරයකට පසුව කිසියම් වචනයක ණ යෙදේ නම් එය මුර්ධජ ණ වේ.
ex.දෙරණ / සරණ / මරණය / විවරණ / විෂ්ණු / පාෂාණ / භක්ෂණ / ලක්ෂණ /තෘණ / ඍණ
(2)ර/ෂ/ඍ යන අක්ෂරයකට පසු පහත සදහන් අකුරක් හෝ කිහිපයක් යෙදුනද ණ මූර්ධජ වේ
I. ක වර්ගය ( ක,ඛ,ග,ඝ,න)
II. ප වර්ගය (ප,ඵ,බ,භ,ම)
III.ස්වර
IV. හ්/ව්/ය්
ex.
තර්කණ , දර්පණ , නිර්මාණ , බ්‍රාහ්මණ , විෂ්කම්භණ , රාමායණය
**ඉහත කී අකුරු වලින් පසුව I,II,III,IV යන අකුරු වලට වඩා වඩා වෙනස් අකුරක් හෝ කීපයක් යෙදුනු විට න දන්තජ වේ.
ex.
මර්දනය , නර්තන , ආරාධනා , දර්ශනය , ප්‍රාර්ථනා , ප්‍රශ්න , රචනාව , පරිවර්තනය
**ර කාරාන්ත ධාතු වලින් සෑදෙන වර්ථමාන කෘදන්ත පද වල න කාරය දන්තජ වේ.
ex.
හදාරන , කරන , මරන , මතුරන
(3)මාතෘ භාෂාගත පාලි-සංස්කෘත වචනයක මූර්ධජ අකුරකට පූර්වයෙන් බොහෝ විට යෙදෙන්නේ මූර්ධජ ණ වේ.
ex.කණ්ටක , කොණ්ඩය , දණ්ඩ , ඝණ්ඨාව , බණ්ඩාර , කණ්ඨජ , පණ්ඩිත , පුණ්ණ
**මෙයට විකල්පව භවිතා වන වචන කීපයකි.
ex.
බ්‍රැන්ඩි , ඇන්ටනා
(4)ගෞරවාර්තයේ යෙදෙන ආණ , අණු , අණි , අණ්ඩි , අණ්ඩ යන තද්ධ්ත ප්‍රත්‍ය සහිත පද වල මූර්ධජ ණ යෙදේ.
ex
පුතණුවෝ , තෙරණුවෝ , සිටාණ , මෑණියෝ , අයියණ්ඩි , මලණ්ඩ
(5)බහු වචනයේදී හල් වන න කාරය සහිත පද දන්තජ න සහිත වේ.
ex.
කන-කන් , පින-පින් , රෑන-රෑන් , නුවන-නුවන් , පෑන-පෑන්
**න / ණ යෙදීම නිසා අර්ථය වෙනස් වන පද රාශියක්ද සිංහලයේ ඇත.
ex.
කණ-එකැස් , කන-සවන
නුවණ-බුද්ධ්ය , නුවන-ඇස්
ළ භාවිතය
(1) ර කාරන්ත ධාතුවකින් සෑදෙන අතීත ක්රියාරූපවල ර වෙනුවට යෙදෙනුයේ මූර්ධජ ළ කාරයයි.
මර--->මළේය
හදාර-->හදාළේය
මතුර-->මතුළේය
වදාර-->වදාළේය
වපුර-->වපුළේය
අතුර-->අතුළේය
(2) ට / ඨ / ඩ / ණ අක්‍ෂර යුතු මාතෘ භාෂාවක අක්‍ෂරයක් සිංහලයට එන විට සිංහලයේ යෙදෙනුයේ මුර්ධජ ළ කාරයයි.
දාඨා-->දළ
ක්‍රීඩා-->කෙළි
කිරීට-->කිරුළ
පඨවි-->පොළව
සාඨක-->සළුව
වාණිජ-->වෙළද
(3) ල කාර දෙකක් එක ළග යෙදෙන විට මුර්ධජ ල පළමුව යෙදීම සාමාන්‍ය රීතියයි.
උළෙලකළල
සළෙල
(4) සඤ්ඤක අකුරකට පෙර යෙදෙන ල මුර්ධජ වේ.
ළිදළග
ළද
වෙළඹ
දිළිඳු
(5) ද්විත්ව වී අරුත් දෙන ල යෙදූ පදවල යෙදෙන්නේ දන්තජ ල කාරයයි.
සියලු-->සියල්ල
මලු-->මල්ල
කඩුලු-->කඩුල්ල
පොලු-->පොල්ල
** එසේ
නොවන විට
ගැටළු
(6) ල
/ළ යෙදීම
නිසා අර්ථය වෙනස් වන පද
අළු
(පාට)
--------අලු (ආලෝකය)
පැළ(ශාක)--------පැල
(පොඩි
ගෙය)
02. මහප්‍රාණ අක්‍ෂර භාවිතය
ඛ
, ඝ
, ඦ
, ඣ
, ඨ
, ඪ
, ථ
, ධ
, ඵ
, භ
අල්ප
ප්‍රාණ ,මහප්‍රාණ
යෙදීමේදී විකල්ප රූප භාවිතයට
ඉඩ නොහල යුතුය.
මාතෘ
භාෂා වල එන පරිදිම ඒ වචන භාවිතය
යෝග්‍ය වේ.
ඛ
ඛාදනය
සුනඛ
ඛනිජ
ලේඛනය
ක
සංස්කාර
ඵෙක්‍යය
03. ශ /ෂ /ස භාවිතය
ශ භාවිතය
(1) බොහෝ
විට තාලුජ අක්‍ෂරයක් සමග
සංයෝජනය වනුයේ ශ කාරයයි.
තාලුජ
අක්ෂර :- ච
, ඡ ,
ජ , ඣ
,ඤ
දුශ්චරිත
,ආශ්චර්ය
, නිශ්ශබ්ද
, නිශ්ශංක
(2) තාලුජ
අක්‍ෂරයක් නොමැති තන්හිද
තාලුජ ශ යෙදෙන තැන් ඇත.
අනුශාසනා
, විශාරද
, ක්ලේශ
, ශ්‍රවණ
(5) ශ / ෂ සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ.
(3) ඇතැම්
විට “ව” යන්නට මුලින් යෙදේ.
විශ්වාස
, ඊශ්වර
, විශ්වය
, අශ්වයා
(4) ශ
/ ස සංයෝජනයේදී
තාලුජ ශ මුලින් යෙදේ.
ප්‍රශස්ති
, ශාස්ත්‍රාලය
, ශාසනය
(5) ශ / ෂ සංයෝජනයේදී තාලුජ ශ මුලින් යෙදේ.
ශිෂ්ටාචාර
, විශේෂ
, විශිෂ්ට
, ශිෂ්‍යයා
ෂ භාවිතය
(1) මුර්ධජ
අක්ෂරයකට පුර්වයෙන් මුර්ධජ
ෂ යෙදේ.
විෂ්ණු
, නෂ්ට ,
දෘෂ්ටි ,
අෂ්ටලෝක ,
ක්‍රිෂ්ණජිනා
(2) ක
සමග සංයෝග වන්නේ මුර්ධජ ෂ
වේ.
අක්‍ෂර
, දුෂ්කර
, පරීක්ෂණ
, තීක්ෂණ
(3) ඇතැම්
විට ප බලපෑම නිසා ෂ යෙදේ.
නිෂ්පාදන
, නිෂ්ප්‍රභා
, නිෂ්පත්තිය
***ඉෂ්ඨ ප්‍රත්‍ය සහිත වචන***
කන්
+ ඉෂ්ඨ =
කනිෂ්ඨ
ජ්‍යා
+ ඉෂ්ඨ =
ජ්‍යෙෂ්ඨ
ශ්‍රා
+ ඉෂ්ඨ =
ශ්‍රේෂ්ඨ
පාප
+ ඉෂ්ඨ =
පාපිෂ්ඨ
ධර්ම
+ ඉෂ්ඨ =
ධර්මිෂ්ඨ
04. තද්ධිත ප්‍රත්‍ය භාවිතය
වත් / මත් ප්‍රත්‍ය භාවිතය
වත් ප්‍රත්‍ය භාවිතය
ප්‍රත්‍යය
එකතු වීමට පුර්වයේ ඇති නාම
පදය අ / ආ
/ඇ යන ස්වර
වලින් හා හල් අකුරකින් අවසන්
වන පද සමග යෙදේ
ආදර්ශ
(අ)
+වත් =
ආදර්ශවත්
ප්‍රබෝධ (අ)
+ වත් =
ප්‍රබෝධවත්
ප්‍රභා
(ආ)
+ වත් =ප්‍රභාවත්
සෝභා (ආ)
+ වත් =
සෝභාවත්
සැදැහැ
(ඇ)
+වත් =සැදැහැවත්
පින්
(්)
+වත් =
පින්වත්
මත් ප්‍රත්‍ය භාවිතය
උ
/ ඌ /ඉ
/ඊ යන ස්වර
වලින් අවසන් පද සමග මත් ප්‍රත්‍ය
යෙදේ.
දිරි
(ඉ)
+ මත් =
දිරිමත්
බි
(ඊ)
+ මත් =
බිමත්
ඉසුරු
(උ)
+මත් =ඉසුරුමත්
රූ
(ඌ)
මත් =රූමත්
ඉක /ඊය ප්‍රත්‍ය භාවිතය
ප්‍රත්‍ය
එකතු වන නාම පදයේ මුලින් ඇති
ස්වරය වෘදධි වේ.
අ > ආ
පරිසර
+ ඉක
=පාරිසරික
සමාජ
+ ඉක
=සාමාජික
ඉ > ඓ
ඉතිහාස
+ ඉක =
ඓතිහාසික
දින
+ ඉක=
දෛනික
උ > ඖ
පුද්ගල
+ ඉක
=පෞද්ගලික
පුරාණ
+ ඉක
=පෞරාණික
**වෘද්ධි නොවන පද ස්වල්පයක්ද වේ.**
ක්ෂණික
, රසායනික
, රසික
,පන්තික
, සංස්කෘතික
, ව්‍යවහාරික
05. සන්ධි වන පද වල අක්‍ෂර වින්‍යාසය
දීර්ඝ සන්ධිය
බුද්ධි
+ ඉන්ද්‍රිය
=බුද්ධීන්ද්‍රිය
රිද්ම
+ අනුකුල
= රිද්මානුකුල
අන්තඃ ස්වරාදේශ
අති
+ අලංකාර
= අත්‍යලංකාර
අති
+ අවශ්‍ය
= අත්‍යවශ්‍ය
නීති
+ අනුකුල
=නීත්‍යනුකුල